Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

LPL තරඟාවලියට සහභාගී වීමට පැමිණි ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට කොරෝනා

LPL තරඟාවලියට සහභාගීවීමට සිටි පුහුණුකරුවන් සහ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට කොවිඩ් – 19 ආසාදනය වීම මෙන්ම තරඟාවලියේදී වඩාත් කැපී පෙනෙන ක්‍රීඩකයන් කිහිප දෙනෙකු තරඟාවලියෙන් ඉවත්වීමටද සිදුව තිබෙන බව වාර්තා වේ.

තරඟාවලිය සඳහා සහභාගීවීමට පැමිණි කැනඩාවේ රවීන්දර්පාල් සිංට කොවිඩ් – 19 ආසාදනය වී ඇති බව අනාවරණය වී ඇති අතර ඔහු සහ සෙසු ක්‍රීඩකයන් මෙරටට පැමිණි අවස්ථාවේදී සිදුකළ PCR පරීක්ෂණයේදී ඒ බව තහවුරු වී තිබේ. කලම්බු කිංග්ස් කණ්ඩායම නියෝජනය කිරීමට සිටි රවීන්දර්පාල් සිං සමඟ ඇන්ඩෘ රසල්ද එම ගුවන් යානයේ පැමිණි ඇති බැවින් රසල් නිරෝධායනට ලක්කර ඇති බව වාර්තා වේ. එමෙන්ම කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම නියෝජනය කරන පාකිස්තානු ක්‍රීඩක සොහෙල් තන්වීර්ටත් කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වේ.

මේ අතර, ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක ලසිත් මාලිංග තරඟාවලියෙන් ඉවත්වීමට තීරණය කර ඇති අතර මාලිංග කියා සිටියේ මේ වසරේ පැවැති කොදෙව් තරඟාවලියෙන් පසු ක්‍රීඩාවට යොමුවීමට අවස්ථාවක් නොලැබුණු බවත්, ඉන් පසුව කිසිදු පුහුණුවීමක නිරතවීමට තමන්ට අවස්ථාවක් නොලැබුණු බවත්ය.

Giraya News Alerts

ඉහළ මට්ටමේ තරඟාවලියක් සඳහා පුහුණුවක් නොමැතිව සහභාගීවීම පන්දු යවන්නෙකුට පහසු දෙයක් නොවන බව සිය ඉවත් වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලසිත් මාලිංග කියා සිටියේය.

තවද, තරඟාවලියට සහභාගීවීම සඳහා දකුණු අප්‍රිකාව, පාකිස්තානය, එංගලන්තය සහ ඇෆ්ගනිස්ථාන යන රටවල්හි ක්‍රීඩකයන් 8 දෙනෙකු ඊයේ රාත්‍රීයේදී දිවයිනට පැමිණ ඇති අතර PCR පරීක්ෂණයට යොමු කිරීමෙන් පසු නිරෝධානය සඳහා යොමු කෙරුණි.

ඒ අනුව, තරඟාවලියට සහභාගී වන විදේශීය ක්‍රීඩකයන්, කාර්ය මණ්ඩල සහ තරඟාවලිය සංවිධායකයින් මේ වන විට තරඟ පැවැත්වෙන හම්බන්තොටට පැමිණ සිටියි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top