Advertise with Giraya
NEWS

පොලිසියේ 839කට කොරෝනා ආසාදිතයි

කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයන් ලෙස හඳුනාගත් පොලිස් නිලධාරීන් සංඛ්‍යාව මේ වන විට 839 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 204ක් පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් වේ.

ඊයේ (19) හඳුනාගත් කොවිඩ් වෛරස ආසාදිතයන් අතරට පොලිස් නිලධාරීන් 06 දෙනෙකු ද අයත් බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන සඳහන් කරයි.

මේ අතර අද (20) දිනයේ දී මරදාන පොලීස් ස්ථානයේ තනිකඩ භට නිවාස සංකීර්ණයේ සිටි පොලිස් නිලධාරීන් 500කගේ පමණ පීසීආර් පරීක්ෂණ සිදුකරනු ලැබීය.

එමෙන්ම බන්ධනාගාර ආශ්‍රිත වෛරස ආසාදිතයින් ගණන 534 ක් දක්වා ඉහළගොස් තිබේ. ඒ ඊයේ (19) වැලිකඩ සහ පැරණි බෝගම්බර බන්ධනාගාරවලින් නව ආසාදිතයින් දෙදෙනකු හඳුනා ගැනිමත් සමගින් ය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top