Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

බ්‍රිතාන්‍යයට යන ශ්‍රී ලාංකිකයින්ට නිරෝධායනය අවශ්‍ය නැහැ

ශ්‍රී ලංකාවේ සිට නැවත බ්‍රිතාන්‍ය බලා යන පුද්ගලයින්ට දින 14 ක ස්වයං නිරෝධායනය තවදුරටත් අවශ්‍ය නොවන බව එරට රජය ඊයේ (19) නිවේදනය කළා.

මීට පෙර ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, හොංකොං, ජපානය, සිංගප්පූරුව, දකුණු කොරියාව ඇතුළු රටවල් 11 ක සිට නැවත පැමිණෙන පුද්ගලයින්ට නිරෝධායනය අවශ්‍ය නොවන බව බි්‍රතාන්‍ය ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබුණා.

එලෙස නිරෝධායනය අවශ්‍ය නොවන ලැයිස්තුවට ඇතුළත් කෙරෙන්නේ කොරෝනා අවදානම අඩු රටවල් බව වාර්තා වේ. කෙසේ නමුත්, බ්‍රිතාන්‍යයේ සිට වෙනත් රටවලට සංචාරය කිරීම රැකියා, අධ්‍යාපනය ආදී අත්‍යවශ්‍ය කටයුතුවලට සීමා කර ඇති බව බී.බී.සී. පුවත් සේවය වාර්තා කරයි. උතුරු අයර්ලන්තය හා වේල්සයේ සංචාරය කළ හැක්කේ ද රැකියා හා අධ්‍යාපන ආදී අත්‍යාවශ්‍ය කටයුතු වලට පමණි.

Giraya News Alerts

හෙට සිට ක්‍රියාත්මක එම නව රටවල් ලැයිස්තුවට ඊශ්‍රායලයද ඇතුළත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top