කොවිඩ් – 19 වෛරසය ආසාදනය වූ 25 හැවිරිදි කාන්තාවක් ඇගේ දරුවා සමඟ ඊයේ (19) රාත්‍රී 9.10ට පමණ රෝහලෙන් පැන ගොස් ඇති බව වාර්තා විය. මොවුන් ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඇගේ දරුවා ඇහැළියගොඩ යාය පාර ප්‍රදේශයේ පිහිටි නිවසේ සිටියදී සොයා ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.
රෝහලෙන් පලා ගිය මව සහ දරුවා බස් රථයකින් නිවස වෙත පැමිණි ඇති බවට හෙළි වී තිබෙනවා. මේ වන විට අදාළ කාන්තාව සොයා මෙහෙයුම් කටයුතු සිදු කරන බව වාර්තා වේ.
