ශ්රී ලංකාවේ කොවිඩ් – 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මිය ගිය ගණන 71ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. ඒ, ඊයේ (19) දිනය තුළ දී තවත් කොවිඩ් – 19 මරණ 4ක් වාර්තා වීමෙන් ය.
එම මරණ පිළිබඳව විස්තර පහතින් දැක්වේ.
70 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 10 ප්රදේශයේ පදිංචි අවුරුදු 70ක පිරිමි පුද්ගලයෙකි. කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය සමඟ ඇති වූ නියුමෝනියා තත්ත්වයයි.
71 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, අවුරුදු 27ක් වයසැති කොළඹ 15 ප්රදේශයේ පදිංචි කාන්තාවකි. කොළඹ ජාතික රෝහලෙන් කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු මුල්ලේරියාව මුලික රෝහලට ඇතුළත් කර ඇති අතර එම රෝහලේ දි මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය නිසා උත්සන්න වූ අක්මා රෝගී තත්ත්වයකි.
72 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කළුතර දිස්ත්රික්කයේ පොකුණුවිට පදිංචි අවුරුදු 59ක කාන්තාවකි. නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය නිසා ඇති වූ පපුවේ ආසාදනයක් සහ අධික රුධිර පීඩනයයි.
73 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කළුතර දිස්ත්රික්කයේ හල්තොට පදිංචි 86 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය නිසා ඇති වූ පපුවේ ආසාදනයකි.
