Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

කටුනායක බෝඩිමක 17 දෙනෙකුට කොරෝනා

කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සේවකයින් ඇතුළු 57 දෙනෙකු රැඳීසිටින නේවාසිකාගාරයකින් කොවිඩ් -19 ආසාදිතයින් 17 දෙනෙකු හඳුනාගෙන ඇතැයි සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සහිරු පෙරේරා මහතා සඳහන් කළේය.

මෙම ආසාදිතයින් 17 දෙනා හඳුනා ගැනුණේ එම නේවාසිකාගාරයේ සියලුදෙනා එහිම ස්වයං නිරෝධායනයට යොමු කර තිබූ පසුබිමකය.

මේ අතර, බූස්ස බන්ධනාගාරයේ සිට ඇප මත නිදහස්ව අම්බලන්ගොඩ මාදාම්පාගම ගලගොඩ නව ජනපදයේ පිහිටි සිය නිවසට පැමිණි පුද්ගලයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

Giraya News Alerts

බන්ධනාගාරයේ සිට ඔහු නිවසට පැමිණ තිබුණේ ඉකුත් නොවැම්බර් 13 වැනිදා ය. ඉන් දින 4කට පසු අසනීප තත්ත්වයක් හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ සිදුකළ PCR පරීක්ෂණයෙන් ඔහු ආසාදිතයෙකු බව හඳුනාගැනුණි.

මේ හේතුවෙන්, ඔහු නිවසේ සිටි කාලය තුළ ඇසුරු කළ ප්‍රදේශයේ නිවාස 13ක පුද්ගලයින් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top