සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කොවිඩ් මර්දන කටයුතුවලින් ඉවත්ව සිටීමට සිදුවූ හේතුව පිළිබඳව විශේෂ අනාවරණයක් කළේය.
ටී.වී දෙරණ මගින් විකාශය වන ‘ටෝක් විත් චතුර’ වැඩසටහනට එක් වෙමින් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මේ බව පැවසීය.
මෙරට කොවිඩ් පළමු රැල්ල ඇති වූ සමයේ ඉතා සාර්ථකව එය පාලනය කිරීමට ඔහු ඇතුළු සමස්ථ සෞඛ්‍ය කාර්යමණ්ඩලයට හැකිව තිබියදීත් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාව පරිසර අමාත්‍යාංශයට යොමු කිරීම පසුගිය සමයේ සමාජය තුළ දැඩි කතාබහක් ඇති කර තිබුණි.
ඒ පිළිබඳ අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, “සමාජ කථිකාවක් යෑම මටවත් වෙන කාටවත් හෝ නවත්වන්න බෑනේ. එක තමයි රටේ ප්‍රජාන්ත්‍රවාදී ස්වභාවය. පුවත්පත් තියෙනවා, මාධ්‍ය නාලිකා තියෙනවා, සමාජ මාධ්‍ය තියෙනවා. ඉතින් විවිධ දේ ගැන විවිධ අය කථා කරනවා. අපි කරපු භූමිකාව තුළ ඒ කතා කිරීම වැඩිවෙනවා. කෙටියෙන් පිළිතුරු දුන්නොත්, නව කැබිනට් මණ්ඩලය පත්වීමත් සමග ජනාධිපතිතුමා උසස්වීමක් හැටියට තමයි මේ තනතුර මට ප්‍රධානය කළේ. ඒක තමයි මට කියන්න පුළුවන්. මේ තනතුරට මට අකමැති කියන්න බෑ. මොකද මට දෙන වගකීම මොකක්ද, ඒ වගකීම ඉටුකරන්න මම බැඳී ඉන්නවා. අද ගත්තත් පරිසර අමාත්‍යාංශයේ ලේකම් හැටියට මම ඒ කාර්යයට උර දීලා ඉන්නවා,” යනුවෙනි.
