කොරෝනා දෙවැනි රැල්ලේ ආරම්භය වූ ඔක්තෝම්බර් 04 වැනි දා සිට මේ දක්වා වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වූ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 6000ට වැඩි ආසාදිතයින් ගණනක් වාර්තා වී තිබෙනවා. කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වාර්තා කරන පරිදි අද (19) දිනය වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 6,141කි.
එමෙන්ම,ඔක්තෝම්බර් 04 වැනි දින සිට බස්නාහිර පළාතෙන් පමණක් ආසාදිතයින් 12,418ක් වාර්තා වී තිබෙනවා. අඩුම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් වන අතර එම ප්‍රමාණය 03කි.
එක් එක් දිස්ත්‍රික්කයෙන් හමුවූ සම්පූර්ණ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව පහතින්,
- ගම්පහ දිස්ත්‍රික්කය – 5,667
- කළුතර දිස්ත්‍රික්කය – 610
- මහනුවර දිස්ත්‍රික්කය – 278
- කුරුණෑගල දිස්ත්‍රික්කය – 245
- ගාල්ල දිස්ත්‍රික්කය – 183
- කෑගල්ල දිස්ත්‍රික්කය – 139
- රත්නපුර දිස්ත්‍රික්කය – 133
- මඩකලපුව දිස්ත්‍රික්කය – 71
- පුත්තලම දිස්ත්‍රික්කය – 65
- අනුරාධපුර දිස්ත්‍රික්කය – 52
කෙසේවෙතත් සෙසු දිස්ත්‍රික්ක 14න් වාර්තා වී ඇත්තේ ආසාදිතයින් 50කටත් අඩු සංඛ්‍යාවක් වීම විශේෂත්වයකි.
