Advertise with Giraya
NEWS

ඊයේ දිනයේදීත් වැඩිම ආසාදිතයින් ගණන කොළඹින්

ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 18,402ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ (18) දිනයේ දී නව ආසාදිතයින් 327 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 157 දෙනෙකු ම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.

තවද, පොලීසියේ 02ක් පොලිස් විශේෂ කාර්ය බලකායේ 06 දෙනෙක් වැලිකඩ බන්ධනාගාරයේ 21 දෙනෙක් වශයෙන්ද කොවිඩ් ආසාදිතයින් ලෙස ඊයේ හඳුනා ගෙන ඇත. මීට අමතරව, විදෙස්ගතව පැමිණි නාවිකයින් දෙදෙනෙකු ද, ප්‍රදේශය හඳුනා නොගත් ආසාදිතයින් 09 දෙනෙකු ද ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතර වේ.

මේ අතර, ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් හඳුනාගත් දිස්ත්‍රික්කය පිළිබඳ විස්තර පහතින් දැක්වේ,

Giraya News Alerts
  • කොළඹ දිස්ත්‍රික්කය – 157
  • ගම්පහ දිස්ත්‍රික්කය – 111
  • රත්නපුර දිස්ත්‍රික්කය – 06
  • ගාල්ල දිස්ත්‍රික්කය – 03
  • කළුතර දිස්ත්‍රික්කය – 02
  • අනුරාධපුර දිස්ත්‍රික්කය – 02
  • මාතර දිස්ත්‍රික්කය – 02
  • පුත්තලම දිස්ත්‍රික්කය – 01
  • කුරුණෑගල දිස්ත්‍රික්කය -01
  • නුවරඑළිය දිස්ත්‍රික්කය – 01
  • බදුල්ල දිස්ත්‍රික්කය – 01

ඒ අනුව, දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 5746ක් වේ. සුවය ලැබූ ගණන 12,587කි. ඊයේ (18) දිනයේ දී කොවිඩ් – 19 මරණ තුනක් වාර්තා වූ අතර ඒ අනුව, ජීවිතක්ෂයට පත් වූ ගණන 69ක් ලෙස සටහන් වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top