සිල් රෙදි නඩුවේ වැරදිකරුවන් වී වසර තුනක සිර දඬුවම් හා දඩ මුදල් නියම වී ඇප මත මුදාහැර සිටි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන අය එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.
මෙම තීන්දුව අද (19) දින අභියාචනාධිකරණ විනිසුරු කුමුදිනී වික්‍රමසිංහ සහ විනිසුරු දේවිකා අබේරත්න විසින් ප්‍රකාශයට පත් කරන ලදී .
ශ්‍රි ලංකා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600 ක මුදලක් ලබා ගෙන 2015 ජනාධිපතිවරනය සමයේදී සිල් රෙදි බෙදා දීමේ වැඩසටහනක් සදහා එම මුදල් වංක ලෙස සාවදය පරිහරනය කිරීමේ චෝදනා සහ සාවද්‍ය පරිහරණය කිරීමට ආධාර අනුබල ලබා දීමේ චෝදනා වලට වැරැදිකරුවන් වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධයක්ෂක ජනරාල් අනුෂ පැල්පිට යන අය එම තීන්දුව අභියෝගයට ලක්කරමින් අභියාචන පෙත්සම් ගොනු කර තිබුණා.
