Advertise with Giraya
NEWS

පේරාදෙණිය පොලීසියේ පස් දෙනෙකුට කොරෝනා

පේරාදෙණිය පොලිසියේ නිලධාරින් 5 දෙනෙකුට කෝවිඩ් වයිරසය ආසාධනය වී ඇති බව මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා පවසයි.

එහෙයින් පොලිසියේ සියලුම නිලධාරින් පී සී ආර් පරීක්ෂාවට ලක් කිරීමට කටයුතු යොදා ඇති බවත් අද (19) සිට වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයෙකුද විශේෂ රාජකාරි යටතේ පොලිස් නිලධාරින් 50 දෙනෙකු පේරාදෙණිය පොලිසියේ රාජකාරි සදහා යොදවන බවත් පොලිස් අධිකාරීවරයා කියයි.

පසුගියදා පේරාදෙණිය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව තහවුරු වීමෙන් පසුව එම නිලධාරියා රාජකාරි කළ රථවාහන අංශයේ හා පොලිසියේ ආශ්‍රිතයින් 28 දෙනෙකුගේ පී සී ආර් පරික්ෂණ පසුගියදා (17) සිදු කරණු ලැබීය.

එම පරීක්ෂණවලින් තවත් පොලිස් නිලධාරින් 4 දෙනෙකුට කෝවිඩ් ආසාධනය වී ඇති බව තහවුරු වී ඇත.එම කෝවිඩ් ආසාදිතයින් 4 දෙනා පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකුද පොලිස් නිලධාරින් දෙදෙනෙකුද වන බව පොලිස්අධිකාරිවරයා කීය.

කොරෝනා ආසාධිත නිලධාරින් නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කර ඇති අතර අනිකුත් පී සී ආර් පරික්ෂණ සිදුකළ පොලිස් නිලධාරින් සියලුම දෙනා දින 14 ක් ස්වයං නිරෝධායනයට ලක් කිරීමටද පියවර ගෙන ඇති බව පොලිස් අධිකාරිවරයා පැවැසීය.

පොලිස් අධිකාරී සුදත් මාසිංහ පවසා සිටියේ කෝවිඩ් ආසාදිත වු පළමු නිලධාරියා තමන්ගේ පෞද්ගලික රථයකින් පොලිසියට පැමිණ ඇති බවත්, උණ ගතිය ඇති බව පැවසීමෙන් පසුව එම මොහොතේම රෝහල් ගත කිරීමට කටයුතු කළ බවත්, එම පොලිස් නිලධාරියාගේ නිවසේ අයද හාල් මිලදී ගත් හාල් මෝලේ අය සහ තවත් භාණ්ඩ මිලදී ගත් වෙළදසැලක අයද ස්වයං නිරෝධායනයට ලක් කළ බවත්ය.

පොලිසියට පැමිණෙන මහජනතාවගේ හා පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව පතා පොලිසිය විෂබීජහරණයකට ලක් කර, සියලුම සෞඛ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ පැවසිය.

-ලංකාදීප-

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top