Advertise with Giraya
NEWS

කොරෝනා වැළඳී සුවය ලබා පීසීආර් පරීක්ෂණයකින් තොරව නිවසට පැමිණි අයෙක් ආසාදිතයෙකු බවට හඳුනා ගනියි

හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් පුද්ගලයන් 08 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබෙන අතර ඔවුන් අතර එකම පවුලේ සිව්දෙනෙකු ද වේ.

එමෙන්ම, විදෙස්ගතව පැමිණි පුද්ගලයෙකු ද ඒ අතර වේ. ආසාදිතයෙකු ලෙස හඳුනාගත් විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයා පසුගිය 13 වනදා මෙරටට පැමිණ ඇති අතර පසුව නිරෝධායන මධ්‍යස්ථානයකට යොමුකර තිබෙනවා. පසුව ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වන්නේ, පසුගිය මස 25 වනදා සිදුකළ PCR පරීක්ෂණයේදී ය.

ඔහුට ප්‍රතිකාර සිදුකිරීමෙන් දින 14කට පසු PCR පරීක්ෂණයකින් තොරව නිවසට එවා තිබෙනවා. තවත් දින 14ක් නිවසේ නිරෝධායනය වෙමින් සිටි ඔහුට මෙලෙස යළි වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top