ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය අද (18) පස්වරු 9.30 වන විට 18,402ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ, අද (18) දිනයේ දී තවත් ආසාදිතයින් 92 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි. ඒ අනුව, දිනය තුළ වාර්තා වූ ආසාදිතයින් ගණන 327ක් වේ.
ඔවුන් අතරින් දෙදෙනෙකු විදේශයින්හි සිට පැමිණි නාවිකයින් වේ. අනෙක් ආසාදිතයින් 325 දෙනාම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව වාර්තා කරයි. ඒ අනුව, බ්‍රැන්ඩික්ස් – පෑලියගොඩ පොකුර 14,893 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම, අද (18) දින පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 377 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව, මෙතෙක් වාර්තා වී ඇති රෝගීන්ගෙන් 12,587 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා.
දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 5746ක් වේ. එමෙන්ම අද (18) දිනයේ දී කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් මිය ගිය පුද්ගලයින් ගණන 3ක් වේ. ඒ අනුව, කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට ජීවිතක්ෂයට පත් ආසාදිතයින් වූ ගණන 69ක් දක්වා ඉහළ ගොස් ඇත.
