Advertise with Giraya
NEWS

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා මරණ ගණන 69ක් දක්වා ඉහළට

අද (18) දින මීට ස්වල්ප වේලාවකට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 3ක් සිදු වී ඇති බව තහවුරු කරන ලද අතර ඒ අනුව මේ වන විට ශ්‍රි ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 69කි.

67 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කඳාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 70ක පිරිමි පුද්ගලයෙකි. නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 වෛරසය ආසාදනය සමඟ ඇති වූ දියවැඩියා රෝගයේ සංකූලතා වේ.

68 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 74ක කාන්තාවකි. කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ අධික රුධිර පීඩනය, දියවැඩියාව සමඟ කොවිඩ් – 19 ආසාදනය නිසා සිදු වූ පෙනහලු දුර්වලවීමයි.

Giraya News Alerts

69 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48ක පිරිමි පුද්ගලයෙකි. නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ දියවැඩියා රෝගයේ සංකූලතා කොවිඩ් – 19 ආසාදනය සමඟ උත්සන්න වීමයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top