Advertise with Giraya
NEWS

තවත් ආසාදිතයින් 233ක් වාර්තා වෙයි

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය අද (18) පස්වරු 06.00 වන විට 18,308ක් දක්වා ඉහළ ගොස් ඇති තිබෙනවා. ඒ, අද (18) දිනයේ දී තවත් ආසාදිතයින් 233 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.

එම ආසාදිතයින් 233 දෙනාම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව වාර්තා කරයි. ඒ අනුව, බ්‍රැන්ඩික්ස් – පෑලියගොඩ පොකුර 14,801 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම, අද (18) දින පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 377 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව, මෙතෙක් වාර්තා වී ඇති රෝගීන්ගෙන් 12,587 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා.

Giraya News Alerts

දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 5655ක් වේ. කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට ජීවිතක්ෂයට පත් ආසාදිතයින් වූ ගණන 66ක් වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top