Advertise with Giraya
NEWS

බෝගම්බර බන්ධනාගාරයෙන් පලා ගිය රැඳවියා අත්අඩංගුවට

පැරණි බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායනය සඳහා යොමු කර සිටි පලා ගිය රැඳවියා අද (18) පස්වරුවේදී මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තු පරිශ්‍රයේ සැඟව සිටිය දී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් රැඳවියා බෝගම්බර බන්ධනාගාරයේ අනිවාර්ය දින 14ක නිරෝධායන කාලයක් සඳහා යොමු කිරිමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සඳහන් කරයි.

අද (18) අලුයම 1.00ට පමණ රැඳවියන් පස් දෙනෙකු බෝගම්බර බන්ධනාගාරයෙන් පලා යාමට උත්සාහ කළ අතර එම අවස්ථාවේදී වෙඩි තැබීමක් ද සිදු ව ඇත. එයින් එක් රැඳවියෙක් ජීවිතක්ෂයට පත් වූ අතර තවත් රැඳවියෙකු හා බන්ධනාගාර නිලධාරින් දෙදෙනෙකු තුවාල ලැබීය. තවත් රැඳවියන් දෙදෙනෙකු බන්ධනාගාරය තුළ දී ම අත්අඩංගුවට ගැනීමට හැකි ව තිබූ අතර එක් රැඳවියෙකු පලා ගොස් තිබිණි. ඔහුව සොයා ගැනීමට විශේෂ කාර්ය බලකායේ සහය ඇතිව විශේෂ මෙහෙයුමක් ද දියත් කිරීමට කටයුතු කර තිබුණි.

Giraya News Alerts

සම්බන්ධිත පුවත්

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top