Advertise with Giraya
NEWS

ඊයේ වාර්තා වූ ආසාදිතයින්ගෙන් 201ක් කොළඹින්

ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 18,075ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ (17) දිනයේ දී නව ආසාදිතයි 401 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 201ක්ම වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ය.

මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් ප්‍රමාණය සාපේක්ෂ වශයෙන් අඩු වී තිබෙන අතර පසුගිය දින කිහිපය පුරාවටම වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ය. එමෙන්ම, කොළඹ නගර සභා සීමාව අධි අවදානම් තත්ත්වයකට පත් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාංඥ වෛද්‍ය සුදත් සමරවීර ඊයේ (17) සඳහන් කළා.

එසේම, ඊයේ (17) දිනයේ දී, පොලිසියේ ආසාදිතයින් 27ක් ද, බන්ධනාගාර මූලස්ථානයේ එක් ආසාදිතයෙක් ද,කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් ආසාදිතයින් 15ක් ද, වැලිකඩ බන්ධනාගාරයෙන් ආසාදිතයින් 05ක් ද, නව මැගසින් බන්ධනාගාරයෙන් ආසාදිතයින් 05ක් ද හඳුනා ගෙන ඇත. එමෙන්ම, ප්‍රදේශයන් හඳුනා නොගත් ආසාදිතයින් සිව් දෙනෙකු ද, විදේශයන්හි සිට පැමිණි මුහුදු ආරක්ෂකයින් තිදෙනෙකු ද ආසාදිතයින් අතර වේ.

Giraya News Alerts

ඊයේ දිනයේ දි ආසාදිතයින් වාර්තා වූ දිස්ත්‍රික්ක මෙසේ ය.

  • කොළඹ දිස්ත්‍රික්කය – 201
  • ගම්පහ – දිස්ත්‍රික්කය – 82
  • කළුතර දිස්ත්‍රික්කය – 32
  • ගාල්ල දිස්ත්‍රික්කය – 09
  • මහනුවර දිස්ත්‍රික්කය – 04
  • කුරුණෑගල දිස්ත්‍රික්කය – 03
  • නුවරඑළිය දිස්ත්‍රික්කය – 02
  • පුත්තලම දිස්ත්‍රික්කය – 01

ඒ අනුව, බ්‍රැන්ඩික්ස්- පෑලියගොඩ කොරෝනා පොකුරෙන් දැනට වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 14,568ක් දක්වා ඉහළ ගොස් ඇත. දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 5799ක් වේ. ජීවිතක්ෂයට පත් වූ ආසාදිතයින් ගණන 66ක් වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top