ඉදිරියේ දී කොවිඩ් මර්දන කමිටු රැස්වීම් සඳහා හිටපු සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ අනිල් ජාසිංහ සහභාගී වීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කරයි. අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදි ය.
එමෙන්ම, විපක්ෂය නැඟූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරිය සඳහන් කළේ, හිටපු සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා උසස් විමක් ලෙස පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්වීම් ලැබූ බවයි.
එමෙන්ම,සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර එම ධූරයේ කටයුතු කළේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් තනතුර පුරප්පාඩුව පැවති අවස්ථාවක බවත් මේ වන විට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයෙකු පත් කර ඇති බැවින් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සිය කැමැත්තෙන්ම මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවත් වූ බව ද අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කළා.
