මහනුවර දිස්ත්‍රික්කයට අද (18) පෙරවරුවේ සුළු භූ කම්පන තත්ත්වයක් වාර්තා වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කරයි. එම කාර්යාංශය සඳහන් කරන පරිදි පල්ලේකැලේ සහ මහකනදරාව පිහිටි භූ කම්පන මාපකයේ එය රික්ටර් මාපක 2 -2.5ත් අතර අගයකින් වාර්තා වී තිබෙනවා.
අද (18) පෙරවරු 9.27ට පමණ මෙම භූ කම්පන තත්ත්වය වාර්තා වී ඇති අතර මහනුවර දිස්ත්‍රික්කයේ අඹකොටේ, දිගන, කුණ්ඩසාලේ ප්‍රදේශයේ ජනතාවට එය දැනී ඇති බව ද වාර්තා වේ.
