Advertise with Giraya
NEWS

බෝගම්බර බන්ධනාගාරයෙන් රැඳවියෙක් පලා යයි

නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස මේ වන විට භාවිතා කරන බෝගම්බර පැරණි බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ඊයේ (17) රාත්‍රියේ පලා යාමට උත්සාහ දරා තිබෙනවා. එහිදී බන්ධනාගාර නිලධාරීන් විසින් එල්ල කරන ලද වෙඩි පහරින් එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර එක් රැඳවියෙකු පලා ගොස් තිබෙනවා.

එමෙන්ම, සිද්ධියෙන් තුවාල ලැබූ තවත් රැඳවියෙකු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ රෝහල් ගත කොට තිබෙන අතර සෙසූ රැඳවියන් දෙදෙනා බන්ධනාගාර නිලධාරින් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස පලා යාමට ගොස් වෙඩි පහරින් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 500ක් ලඟ තබා ගැනීම සහ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි අයෙකු බව බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය සඳහන් කරයි.

Giraya News Alerts

නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කොට තිබෙන පැරණි බෝගම්බර බන්ධනාගාරයේ වාට්ටුවක නිරෝධායනයට ලක්‌ කොට සිටි රැඳවියන් 05 දෙනෙකු බන්ධනාගාරයේ ප්‍රධාන ගොඩනැගිල්ලේ වහලයට නැග මෙලෙස පළා යාමට තැත් කොට තිබෙනවා.

මෙම බන්ධනාගාරයේ මේ වන විට රැඳවියන් 410 කට ආසන්න පිරිසක් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර ඇති බව වාර්තා වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top