Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

සමස්ත ආසාදිතයින් ගණන 18,000 ඉක්මවයි

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය අද (17) පස්වරු 10.30 වන විට 18,075ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ, අද (17) දිනයේ දී තවත් ආසාදිතයින් 241 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි. ඒ අනුව, දිනය තුළ වාර්තා වූ ආසාදිතයින් ගණන 401ක් වේ.

ඔවුන් අතරින් තිදෙනෙකු විදේශයින්හි සිට පැමිණි මුහුදු ආරක්ෂකයින් ලෙස කටයුතු කරන පුද්ගලයින් වේ. අනෙක් ආසාදිතයින් 398 දෙනාම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව වාර්තා කරයි. ඒ අනුව, බ්‍රැන්ඩික්ස් – පෑලියගොඩ පොකුර 14,568 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම, අද (17) දින පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 404 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව, මෙතෙක් වාර්තා වී ඇති රෝගීන්ගෙන් 12,210 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා.

Giraya News Alerts

දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 5799ක් වේ. එ‍මෙන්ම අද (17) දිනයේ දී කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් මිය ගිය පුද්ගලයින් ගණන 5ක් වේ. ඒ අනුව, කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට ජීවිතක්ෂයට පත් ආසාදිතයින් වූ ගණන 66ක් දක්වා ඉහළ ගොස් ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top