මීට ස්වල්ප වේලාවකට පෙර සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් පහත විස්තර දැක්වෙන කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ 05ක් තහවුරු කරන ලද අතර ඒ අනුව, ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මුළු මරණ සංඛ්‍යාව 66ක් වේ.
62 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොවිඩ් – 19 ආසාදිතයෙකු වශයෙන් හඳුනා ගැනීමෙන් පසු පුනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයට සහ ඉන් පසුව වැලිකන්ද මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එම රෝහලේ දී මිය ගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ අධික රුධිර පීඩනය සමඟ කොවිඩ් – 19 ආසාදනය වීමයි.
63 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, රත්මලාන ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි කාන්තාවකි. නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ දියවැඩියා රෝගයේ සංකූලතා සහ අධික රුධිර පීඩනය සහඟ කොවිඩ් – 19 ආසාදනය වීමයි.
64 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කිරුළපන ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවකි. නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ අධික රුධිර පීඩනය, දියවැඩියා රෝගය කොවිඩ් – 19 ආසාදනය සමඟ උත්සන්න වීමයි.
65 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි කාන්තාවකි. කොළඹ ජාතික රෝහලේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය සමඟ නියුමෝනියාව වැළඳීමයි.
66 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ දියවැඩියා රෝගයේ සංකූලතා සමඟ කොවිඩ් – 19 ආසාදනය වීමයි.
