ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය අද (17) පස්වරු 07.30 වන විට 17,831ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, අද (17) දිනයේ දී නව ආසාදිතයින් 157 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.
ඔවුන් සියළුදෙනාම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුදහමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි. ඒ අනුව, බ්‍රැන්ඩික්ස් – පෑලියගොඩ පොකුර 14,327 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම, අද (17) දින පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 404 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව, මෙතෙක් වාර්තා වී ඇති රෝගීන්ගෙන් 12,210 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා.
දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 5560ක් වේ. ජීවිතක්ෂයට පත් ආසාදිතයින් වූ ගණන 61කි.
