Advertise with Giraya
NEWS

පසුගිය සති දෙක තුළ ඇප ලැබූ රැඳවියන් සෞඛ්‍ය පරීක්ෂකට දැනුම් දෙන්න

පසුගිය සති දෙකක කාලය තුලදි බන්ධනාගාරවලින් ඇප ලබා නිදහස්ව ගොස් ඇති රැදවියන් තම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හා ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් වෙත දුරකථන ඇමතුමක් මගින් ඒ ගැන දැනුම් දෙන්නැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි පවසයි.

මොවුන්ගේ නිවෙස්වලටම පැමිණ පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීමට කටයුතු යොදා ඇති බවද මෙවැනි පුද්ගලයින් පිළිබද අදාල ප්‍රදේශයේ පොලිස් ස්ථානවලට ද දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.

පසුගිය දින 14 තුල බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයෙන් සිටි රැදවියන් 38 දෙනෙකු ඇප ලබා නිදහස්ව ගොස් ඇති බවද ඔහු පවසයි. ඔක්තෝබර් මස 30 වැනි දින සිට මේ දක්වා කාලය තුලදි බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයෙන් ඇප ලබා නිදහස්ව ගිය රැදවියන් පිළිබද නාම ලේඛනයක් ලබාදෙන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි අතර එම රැදවියන් හැකි ඉක්මණින් හදුනාගෙන නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගන්නලෙස පොලිසියට දැනුම් දී ඇති බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා වැඩිදුරටත් පවසයි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top