Advertise with Giraya
NEWS

කොළඹින් වාර්තා වූ ආසාදිතයින් ගණන 6000ට ආසන්න වෙයි

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිිතයින් ගණන මේ වනවිට 17,674ක් ලෙස සටහන් වේ. ඊයේ (16) දිනයේ දි නව ආසාදිතයින් 382ක් වාර්තා වූ අතර ඉන් 231 දෙනෙකුම වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ය. ඒ අනුව, ඔක්තෝම්බර් 4 වැනි දින සිට කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් ගණන 5899 දක්වා ඉහළ ගොස් ඇත.

මීට අමතරව, පොලීසියෙන් ආසාදිතයින් 8ක්, පොලිස් විශේෂ කාර්ය බලකායෙන් ආසාදිතයින් 5ක්,බෝගම්බර බන්ධනාගාරයෙන් 51ක් සහ වැලිකඩ බන්ධනාගාරයෙන් එක් ආසාදිතයෙක් ද වාර්තා වී ඇත.

ඊයේ (16) දිනයේ දී ආසාදිතයින් වාර්තා වූ දිස්ත්‍රික්ක පහත පරිදි වේ.

Giraya News Alerts
  • කොළඹ දිස්ත්‍රික්කය – 231
  • ගම්පහ දිස්ත්‍රික්කය – 42
  • කළුතර දිස්ත්‍රික්කය – 20
  • රත්නපුර දිස්ත්‍රික්කය – 01
  • ගාල්ල දිස්ත්‍රික්කය – 02
  • කෑගල්ල දිස්ත්‍රික්කය – 01
  • මොණරාගල දිස්ත්‍රික්කය – 01
  • කුරුණෑගල දිස්ත්‍රික්කය – 11
  • යාපනය දිස්ත්‍රික්කය – 01
  • නුවරඑළිය දිස්ත්‍රික්කය – 01

දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 5807ක් වේ. සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති ආසාදිතයින් ගණන 11,806ක් වේ. ඊයේ (16) දිනයේ දී කොරෝනා මරණ 3ක් වාර්තා විය. ඒ අනුව, කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මිය ගොස් ඇති සංඛ්‍යාව 61ක් දක්වා ඉහළ ගොස් ඇත.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top