Advertise with Giraya
NEWS

ශ්‍රී ලංකාවේ සිදු වූ කොරෝනා මරණ 61ක් දක්වා ඉහළට

අද (16) දින මීට ස්වල්ප වේලාවකට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පහත විස්තර දැක්වෙන කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින්ගේ මරණ 03ක් සිදු වී ඇති බව තහවුරු කරන ලද අතර ඒ අනුව, මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 61ක් වේ.

59 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, මොරටුව ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවකි. නිවසේදී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ දියවැඩියා රෝගය සමඟ කොවිඩ් – 19 ආසාදනය වීමයි.

60 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 70ක පිරිමි පුද්ගලයෙකි. කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ නිධන්ගත වකුගඩු රෝගයෙන් සහ ආඝාතයෙන් පෙළෙන අතර කොවිඩ් – 19 ආසාදනය වීමයි.

Giraya News Alerts

61 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 75ක පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දි මියගොස් සිට ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ දියවැඩියාව සහ සංජානනීය හෘදරෝගය කොවිඩ් – 19 ආසාදනය වීම නිසා උත්සන්න වීමයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top