Advertise with Giraya
POLITICS

ඩයනා ගමගේට සහ අරවින්ද කුමාර්ට ආණ්ඩු පක්ෂයේ ආසන

ආණ්ඩු පක්ෂය විසින් සිදු කරන ලද සිදු කරන ලද ඉල්ලීමක් මත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දුන් විපක්ෂයේ ඩයනා ගමගේ සහ අරවින්ද කුමාර් යන මන්ත්‍රීවරුන් දෙපළට ආණ්ඩු පක්ෂයේ ආසන පැනවීමට තීරණය කර තිබෙනවා. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් කථානායකවරයාගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අරවින්ද කුමාර්ට ආණ්ඩු පක්ෂයේ අසුනක් පැනවිමට නියමිත අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩයනා ගමගේ විපක්ෂය අසුන් ගන්නා වම්පස ඇති ආණ්ඩුපක්ෂයේ ආසනයක් පැනවීමට තීරණය කර ඇත.

එමෙන්ම, 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දුන් ඉෂාක් රහුමාන්, ෆයිසාල් කාසිම්, එච්.එම්.එම් හාරිස්, එම්.එස් තවුෆික්, නසිර් අහමඕ, ඒ.ඒ.එස්.එම් රහීම්, එම්.එම්.එම්.මුෂාරෆ් යන විපක්ෂයේ සෙසු මන්ත‍්‍රීවරුන්ට ද පාර්ලිමේන්තු සභාවේ විපක්ෂයේ වෙනත් අසුන් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Giraya News Alerts

විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල කතානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉකුත්දා ඉල්ලා සිටියේ 20 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ලබා දුන් සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරුන් 08 දෙනාට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අසුන් පනවන ලෙසයි.

මේ අතර, ඩයනා ගමගේ් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයගේ් පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා. විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ අත්සනින් යුතු ලිපියකින් මන්තී‍්‍රවරියට ඒ බව දන්වා ඇති බව සමගි ජනබලවේගය පැවසුවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top