ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය අද (16) පස්වරු 10.10 වන විට 17,674ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ, අද (16) දිනයේ දී නව ආසාදිතයින් 153 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි. ඒ අනුව, දිනය තුළ හඳුනාගත් නව ආසාදිතයින් ගණන 382ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඔවුන් සියළුදෙනාම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ. ඒ අනුව, බ්‍රැන්ඩික්ස් – පෑලියගොඩ පොකුර 14,170 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම, අද (16) දින පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 311 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව, මෙතෙක් වාර්තා වී ඇති රෝගීන්ගෙන් 11,806 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා.
දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 5810ක් වේ. ජීවිතක්ෂයට පත් ආසාදිතයින් වූ ගණන 61කි.
