ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 17,287ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ, ඊයේ (15)දිනයේ දී ආසාදිතයින් 704 දෙනෙකු වාර්තා වීමත් සමඟයි.
එම වාර්තා වූ ආසාදිතයින්ගෙන් ආසාදිතයින් තිදෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර 14 දෙනෙකු ප්‍රදේශය අනාවරණය නොවූ ආසාදිතයින් ය. මීට අමතරව බෝගම්බර බන්ධනාගාරය ආශ්‍රිතව කොවිඩ් ආසාදිතයන් 12ක් කුරුවිට බන්ධනාගාරය ආශ්‍රිතව කොවිඩ් ආසාදිතයෙක් සහ පොලීසියේ 54 දෙනෙකු ද වාර්තා වී තිබෙනවා.
එමෙන්ම, ඊයේ (15) වාර්තා වූ ආසාදිතයින්ගෙන් 541 දෙනෙකු ම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 39 දෙනෙකු වාර්තා වී ඇති අතර සාපේක්ෂව එම දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින්ගේ ප්‍රමාණයේ අඩු වීමක් දක්නට ලැබේ. ඊයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ දිස්ත්‍රික්ක පහතින් දැක්වේ.
- කොළඹ දිස්ත්‍රික්කය – 541
- ගම්පහ දිස්ත්‍රික්කය – 39
- ගාල්ල දිස්ත්‍රික්කය – 08
- මඩකලපුව දිස්ත්‍රික්කය – 07
- රත්නපුර දිස්ත්‍රික්කය – 04
- කුරුණෑගල දිස්ත්‍රික්කය – 05
- කළුතර දිස්ත්‍රික්කය – 03
- කෑගල්ල දිස්ත්‍රික්කය – 03
- මහනුවර දිස්ත්‍රික්කය – 03
- බදුල්ල දිස්ත්‍රික්කය – 03
- පුත්තලම දිස්ත්‍රික්කය – 02
- මාතලේ දිස්ත්‍රික්කය – 01
- පොළොන්නරුව දිස්ත්‍රික්කය – 01
මේ අතර බ්‍රැන්ඩික්ස් හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයන් ගණන 13,780 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වන ආසාදිතයන් ගණන 10,674 ක් වන අතර බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරෙන් වාර්තාවන ආසාදිතයන් ගණන 3,106 කි. මේ අතරින් 8,070 ක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5,665කි.
ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ මරණ 05 ත් සමග මෙම පොකුරෙන් වාර්තා වූ සමස්ථ මරණ සංඛ්‍යාව 45 ක් දක්වා වැඩිවිය. කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය සමස්ත ආසාදිතයින් ගණන 58කි.
මෙරටින් වාර්තාවන සමස්ථ ආසාදිතයන් ගණන 17,287 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 11,495 ක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5,734 කි.
