අද (15) දින මීට ස්වල්ප වේලාවකට පෙර සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද කොවිඩ් – 19 ආසාදනය වීම හේතුවෙන් සිදු වූ මරණ පිළිබඳ විස්තර පහත පරිදි වේ.
54 වැනි කොවිඩ් මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 13 ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ දීර්ඝ කාලයක සිට පෙලුණු පිළිකා රෝගය කොවිඩ් – 19 ආසාදනය හේතුවෙන් උත්සන්න වීමයි.
55 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසු හෝමාගම රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මියගොස් ඇත. මරණයට හේතුව වශයෙන් දැක්වෙන්නේ පිළිකා රෝගය සහ නියුමෝනියා තත්ත්වයයි.
56 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 88 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. පපුවේ වේදනාවක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී මියගොස් සිට ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය වීම හේතුවෙන් ඇති වූ හෘදයාබාධයකි.
57 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 08 බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදනය හේතුවෙන් නිධන්ගත පෙනහලු රෝගයක් උත්සන්න වීමයි.
58 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 88 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී මියගොස් සිට ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය සහ හෘදයාබාධයක් වැළඳීම වේ.
ඒ අනුව, ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 58ක් වන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන තහවුරු කරයි.
