ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය අද (15) පස්වරු 6.00 වන විට 17,127ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ, අද (15) දිනයේ දී නව ආසාදිතයින් 544 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.
ඔවුන් සියළුදෙනාම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ. ඒ අනුව, බ්‍රැන්ඩික්ස් – පෑලියගොඩ පොකුර 13,628 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම, අද (15) දින පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 171 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව, මෙතෙක් වාර්තා වී ඇති රෝගීන්ගෙන් 11,495 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා.
දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 5579ක් වේ. ජීවිතක්ෂයට පත් ආසාදිතයින් වූ ගණන 53කි.
