ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන මේ වන විට 16,583ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඊයේ (14) දිනයේ දී තවත් ආසාදිතයින් 392ක් වාර්තා වූ අතර එම ආසාදිතයින්ගෙන් 205ක්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.
එමෙන්ම, වාර්තා වූ ආසාදිතයින් අතරින් පොලිස් ස්ථානවලින් ආසාදිතයින් සිව් දෙනෙකු ද , බෝගම්බර බන්ධනාගාරයෙන් 18 දෙනෙකු ද, බූස්ස බන්ධනාගාරයෙන් ආසාදිතයින් 44 දෙනෙකු ද, වැලිකඩ බන්ධනාගාරයෙන් ආසාදිතයින් 32 දෙනෙකු ද, විදෙස්ගතව පැමිණි තිදෙනෙකු ද ආසාදිතයින් ලෙස වාර්තා වී ඇත.
මීට අමතරව පහත සඳහන් දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් වාර්තා වී ඇත්තේ මෙසේ ය.
- කොළඹ දිස්ත්‍රික්කය – 205
- ගම්පහ දිස්ත්‍රික්කය – 40
- කළුතර දිස්ත්‍රික්කය – 14
- රත්නපුර දිස්ත්‍රික්කය – 04
- ගාල්ල දිස්ත්‍රික්කය – 03
- කෑගල්ල දිස්ත්‍රික්කය – 09
- මාතලේ දිස්ත්‍රික්කය – 01
- කුරුණෑගල දිස්ත්‍රික්කය – 02
- අනුරාධපුර දිස්ත්‍රික්කය – 04
- මහනුවර දිස්ත්‍රික්කය – 03
- අම්පාර දිස්ත්‍රික්කය – 01
- මාතර දිස්ත්‍රික්කය – 01
- ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය – 01
- මඩකලපුව දිස්ත්‍රික්කය – 01
- යාපනය දිස්ත්‍රික්කය – 02
දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 5206ක් වේ. ආසාදිතයින් 11,324 දෙනෙකු සුවය ලබා ඇත. ජීවිතක්ෂයට පත් වූ ආසාදිතයින් ගණන 53කි.
