පුද්ගලයින් 09 දෙනෙකු ඝාතනය කරන බව පවසමින් සිය රාජකාරි ගිනි අවිය සමඟ පලා ගිය කුරුවිට පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයා තවමත් සොයා ගෙන නැති බව පොලීසිය සඳහන් කරයි.
පසුගිය 29 වැනි දින රත්නපුර – සිරිපාගම ප්‍රදේශයේ රාජකාරියේ නිරතව සිටින අවස්ථාවේ දී සිය රාජකාරි ගිනි අවිය සමඟ පලා ගොස් ඇත. දින 17ක් ගත වි ඇතත් මෙම පොලිස් සැරයන්වරයා සොයා ගැනීමට නොහැකි වී ඇති අතර ඔහුව සොයා ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 10ක් මේ වන විට යොදාගෙන තිබෙනවා.
පලා ගිය පොලිස් සැරයන්වරයා කුරුණෑගල ප්‍රදේශයේ සිය ඥාතී නිවෙස් කිහිපයකට ගොස් ගිනි අවිය පෙන්වා සඳහන් කර ඇත්තේ තමන්ට පුද්ගලයින් 9 දෙනෙකු ඝාතනය කිරීමට අවශ්‍ය බවයි. එම පුද්ගලයින් 09 දෙනා අතර කුරුවිට පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයා ද වේ.
මෙලෙස පලාගොස් ඇත්තේ පොලිස් සැරයන් 39288 සුමිත් අබේවර්ධන නමැති අයෙකි. මෙම පොලිස් සැරයන්වරයා සම්බන්ධයෙන් සියලුම පොලිස් ස්ථාන දැනුම්වත් කර ඇති බවත් කුරුවිට පොලිසිය පවසයි. ඔහු පිළිබඳ යම් තොරතුරක් ඇත්නම් පහත සඳහන් දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස ද පොලිසිය ඉල්ලයි. 045- 2262223/ 045-2262222/0718591401
සම්බන්ධිත පුවත්
