ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව අද (14) පස්වරු 9.30 වන විට 16,583ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ, අද (14) දිනයේදී තවත් නව ආසාදිතයින් 175 දෙනෙකු වාර්තා වීමත් සමඟයි. ඒ අනුව, දිනය තුළ ආසාදිතයින් 389 දෙනෙකු වාර්තා වී ඇත.
එම ආසාදිතයින් සියලුදෙනාම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් වාර්තා වූ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ. ඒ අනුව, බ්‍රැන්ඩික්ස් – පෑලියගොඩ කොරෝනා පොකුරෙන් මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 13,084ක් ලෙස ඉහළ යනු ඇත.
එමෙන්ම, අද (14) දින පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 293 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, මේ වන විට වාර්තා වූ ආසාදිතයින්ගෙන් 11,324 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත.
දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 5206ක් වේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 53කි.
