Advertise with Giraya
NEWS

හුදකලා ප්‍රදේශ නම් කිරීම සහ ඉවත් කිරීම පිළිබඳව නවතම නිවේදනය

බස්නාහිර පළාතෙන් පිටතට පුද්ගල සංචරණය සම්බන්ධයෙන් කර ඇත තහනම හෙට (15) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කරනු ලබන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දන්වා සිටියි.

මේ වන විට කොළඹ දිස්ත්‍රික්කය තුළ හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කර ඇති පොලිස් වසම් 12ට අමතරව පහත දැක්වෙන පොලිස් වසම් ද හුදකලා ප්‍රදේශ වශයෙන් සඳුදා (16) උදෑසන 5.00 සිට නම් කරනු ලබයි.

  • මරදාන පොලිස් වසම
  • කොටුව පොලිස් වසම
  • පිටකොටුව පොලිස් වසම
  • කොම්පඤ්ඤවීදිය පොලිස් වසම
  • ඩෑම් වීදිය (Dam Street) පොලිස් වසම

එමෙන්ම, ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වන විට හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කර ඇති පොලිස් වසම් අතරින් පහත දැක්වෙන පොලිස් වසම් හැර ඉතිරි ප්‍රදේශ හුදකලා තත්ත්වයෙන් හෙට දින උදෑසන 5.00 ට මුදා හරිනු බව දැනුම් දේ.

  • මීගමුව පොලිස් වසම
  • ජා- ඇල පොලිස් වසම
  • කඩවත පොලිස් වසම
  • රාගම පොලිස් වසම
  • වත්තල පොලිස් වසම
  • පෑලියගොඩ පොලිස් වසම
  • කැළණිය පොලිස් වසම – සඳුදා (16) උදෑසන 5.00 සිට හුදකලා ප්‍රදේශක් ලෙස නම් කරනු ලැබේ.

මේ වන විට හුදකලා කර ඇති පහත දැක්වෙන පොලිස් වසම් හි හුදකලා තත්ත්වය හෙට උදෑසන 5.00 සිට ඉවත් කරනු ලබන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දන්වා සිටී.

  • කුරුණෑගල දිස්ත්‍රික්කය
    • කුරුණෑගල මහ නගර සභා සීමාව
    • කුලියාපිටිය පොලිස් වසම
  • කළුතර දිස්ත්‍රික්කය
    • හොරණ පොලිස් වසම
    • ඉංගිරිය පොලිස් වසම
    • වෑකඩ බටහිර ග්‍රාම නිලධාරී වසම
  • කෑගල්ල දිස්ත්‍රික්කය
    • රැවන්වැල්ල පොලිස් වසම
    • මාවනැල්ල පොලිස් වසම
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top