Advertise with Giraya
NEWS

බ්‍රැන්ඩික්ස් – පෑලියගොඩ කොරෝනා පොකුර 13,000ට ආසන්නයි

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව අද (14) පස්වරු 5.00 වන විට 16,405ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ, අද (14) දිනයේදී නව ආසාදිතයින් 214 දෙනෙකු වාර්තා වීමත් සමඟයි.

එම ආසාදිතයින් සියලුදෙනාම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් වාර්තා වූ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ. ඒ අනුව, බ්‍රැන්ඩික්ස් – පෑලියගොඩ කොරෝනා පොකුරෙන් මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 12,909ක් ලෙස ඉහළ යනු ඇත.

එමෙන්ම, අද (14) දින පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 293 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, මේ වන විට වාර්තා වූ ආසාදිතයින්ගෙන් 11,324 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත.

Giraya News Alerts

දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 5028ක් වේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 53කි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top