Advertise with Giraya
NEWS

තවත් බන්ධනාගාර රැඳවියන් 94කට කොරෝනා

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් බන්ධනාගාර රැඳවියන් 94 දෙනෙකු වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව සඳහන් කරයි. එම ආසාදිතයින්ගෙන් 80 දෙනෙකු බෝගම්බර බන්ධනාගාරයෙන් ද අනෙක් 14 දෙනා කුරුවිට බන්ධනාගාරයෙන් ද වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව, දෙවැනි කොරෝනා රැල්ලට අදාළව බන්ධනාගාරවලින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 285ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර, තමන්ට කඩිනමින් ඇප ලබා දෙන ලෙස ඉල්ලමින් කළුතර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ආරමිභ කර තිබූ විරෝධතාවය බන්ධනාගාර නිලධාරීන් සිදු කරන ලද කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව නවතා දැමීමට තීරණය කර තිබෙනවා.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top