Advertise with Giraya
NEWS

කොවිඩ් වැළඳී මහමඟ මිනිසුන් මිය යන බවට අසත්‍ය පුවත් පළ කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

කොවිඩ් – 19 වෛරසය වැළඳී මහ මඟ මිනිසුන් මිය යන බවට අසත්‍ය පුවත් පළ කළ පුද්ගලයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචි , ගරාජයක් පවත්වාගෙන යනු ලබන 35 හැවිරිදි පුද්ගලයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන ඒකකය විසින් මෙම විමර්ශනය සිදුකරනු ලබන අතර සමාජ මාධ්‍ය මෙවැනි අසත්‍ය පුවත් පලකල සහ ඒවා හුවමාරු කළ තවත් පුද්ගලයින් සිව්දෙනෙකු ගැන ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

Giraya News Alerts

මෙවැනි අසත්‍ය පුවත් පළකිරීමෙන් හෝ ඒවා හුවමාරු කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් අසත්‍ය තොරතුරු හුවමාරු කිරිමෙන් වළකින ලෙසද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මෙහිදී මහජනතාවගෙන් ඉල්ලීමක් සිදුකරනු ලැබුවා.

මහමඟ මිනිසුන් මිය යන බවට අසත්‍ය ප්‍රකාශ සිදු කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් හුවමාරු වෙතත් ඒ පිලිබඳව කිසිදු තහවුරුවක් නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ (13) සඳහන් කළා. එමෙන්ම, දැනට කොවිඩ් ආසාදිතව මහමඟ මිය ගොස් ඇති බවට වාර්තා වූයේ එක් යාචකයෙක් පමණක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදි සඳහන් කළේ.

සම්බන්ධිත පුවත්

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top