Advertise with Giraya
NEWS

කොවිඩ් නිසා කොළඹ නගරය දැඩි අවදානම් තත්ත්වයක -GMOA

කොවිඩ් – 19 දෙවැනි රැල්ලේදී කොළඹ නගරය දැඩි අවදානම් තත්ත්වයක පවතින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ ඉකුත් දින 5 ඇතුළත කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් රෝගීන් 1083ක් වාර්තාවීමත් සමග මෙම අවදානම් තත්ත්වය මතුව ඇති බවය.

එහිදී, “කොවිඩ් රොගීන් වාර්තාවන ආකාරය අනුව කොළඹ සම්බන්ධයෙන් ඉතා පැහැදිළි පණිවුඩයක් කියවෙනවා. එදා ගම්පහ තිබිච්ච ඒ තර්ජනය සහ අවදානම අද කොළඹට යම් මට්ටමකින් ඇවිත් තියෙනවා. විශේෂයෙන් කොළඹ නගර සභා සීමාව තුළ පසුගිය දින කිහිපය තුළ දෛනිකව රෝගීන් 200කට වැඩි ගණනක් වාර්තාවෙන ස්වභාවයක් අපි දැක්කා. විශේෂයෙන් අලුත් අවදානම් ස්ථාන පිළිබඳ අපේ අවධානය යොමු වෙමින් තියෙනවා. ඉදිකිරීම් ස්ථාන පිළිබඳ විශේෂ අවදානමක් මතු වෙලා තියෙනවා. මේක බැරෑරුම්ව සැළකිය යුතු තත්ත්වයක්.” යනුවෙන් පැවසුවා.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top