Advertise with Giraya
NEWS

ශ්‍රී ලංකාවේ සිදු වූ කොරෝනා මරණ සංඛ්‍යාව 53 දක්වා ඉහළට

අද (13) දින මීට ස්වල්ප වේලාවකට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද කොවිඩ් 19 ආසාදනය විම හේතුවෙන් සිදු වූ මරණ පිළිබඳ විස්තර පහත පරිදි වේ.

49 වැනි කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි කාන්තාවකි. නිවසේදී මිය ගොස් ඇත. මරණයට හේතුව වශයෙන් දක්වා ඇත්තේ අධික රුධිර පීඩනය, දියවැඩියාව සමඟ කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමයි.

50 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ හලාවත ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසු හලාවත දිස්ත්‍රික් රෝහලේ සිට මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරු කර එවා එම රෝහලේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 වෛරසය ආසාදනය හේතුවෙන් අධික රුධිර පීඩනය උත්සන්න වීම හා මොළයට රුධිරය වහනය විමයි.

Giraya News Alerts

51 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, රත්මලාන ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. පපුවේ වේදනාවක් හේතුවෙන් රෝහල් ගත කරන අවස්ථාවේදීත් මිය ගොස් සිට ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ අධික රුධිර පීඩනය, දියවැඩියාව සහ කොවිඩ් – 19 වෛසරය ආසාදිත මෙම පුද්ගලයාට හෘදයාබාධයක් වැළඳීම වේ.

52 වන මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. නිවසේ දි මිය ගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදනය සහිත මෙම පුද්ගලයාට හෘදයාබාධයක් වැළඳිම වේ.

53 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ, කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. නිවසේ දී මිය ගොස් ඇත. මරණයට හේතුව ලෙස දක්වෙන්නේ ඇදුම රෝගය සහිත මෙම පුද්ගලයාට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වීම වේ.

ඒ අනුව, ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 53ක් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන තහවුරු කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top