Advertise with Giraya
NEWS

සුවය ලැබූ ආසාදිතයින් ගණන 11,000 ඉක්මවයි

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද (13) ‍පෙරවරු 10.00 වන විට 15,723ක් බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඊයේ (12) දිනයේ දී ආසාදිතයින් 373 දෙනෙකු හඳුනාගත් අතර ඔවුන්ගෙන් සිව් දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ. අනෙක් 369 දෙනාම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ආශ්‍රිතයින් වේ.

ඒ අනුව, මේ වන විට බ්‍රැන්ඩික්ස් – පෑලියගොඩ කොරෝනා පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 12,226ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම, මෙම ආසාදිතයින් අතරින් 10,045 දෙනෙකුම බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබීම විශේෂත්වයකි. එමෙන්ම, ඔක්තෝම්බර් මස 04 වැනි දින සිට මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 4640 දෙනෙකු වාර්තා වී ඇත.

ඔක්තෝම්බර් මස 03 වැනි දින බ්‍රැන්ඩික්ස් පොකුරට අදාළ පළමු ආසාදිතයා වාර්තා වූ අතර මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ආසාදිතයින්ගෙන් 77%කට වැඩි ප්‍රමාණයක් දැනට වාර්තා වී ඇත්තේ බ්‍රැන්ඩික්ස් හා පෑලියගොඩ කොරෝනා පොකුරට වේ. එම පොකුරට අදාළව නොවැම්බර් මස එක් එක් දිනකදී වාර්තා වූ ආසාදිතයින් ගණන පහතින් දැක්වේ.

Giraya News Alerts

දැනට වාර්තා වූ සමස්ත ආසාදිතයින් 15,723 දෙනා වාර්තා වී ඇත්තේ පහත සඳහන් කාණ්ඩයන්ගෙන් වේ.

  • වෙනත් රටවලින් පැමිණි විදේශිකයින් – 102
  • වෙනත් රටවලින් පැමිණි ශ්‍රී ලාංකිකය -1481
  • නාවික හමුදා සාමාජිකයින් සහ ආශ්‍රිතයින් – 950
  • කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථාන සාමාජිකයින් හා ආශ්‍රිතයින් -651
  • බ්‍රැන්ඩික්ස් මිනුවන්ගොඩ පොකුර – 12,226
  • වෙනත් -313

එසේම, අද (13) පෙරවරු 10.00 වන විට තවත් අසාදිතයින් 378 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව ද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ අනුව, මෙතෙක් වාර්තා වූ ආසාදිතයින්ගෙන් 11,031 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත.

තවද, මේ වන විට මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ ගණන 48ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ (12) දිනය තුළ කොරෝනා මරණ 02ක් වාර්තා විය. ඒ අනුව, දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 4644ක් ලෙස සටහන් වේ.

එමෙන්ම, දැනට වාර්තා වූ සමස්ත ආසාදිතයින් 15,723ට සාපේක්ෂව 70%ක් ඉක්ම වූ ප්‍රමාණයකට සුවය ලබා ඇත. නොවැම්බර් 06 වැනි දින සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය 42.6%ක් ලෙස සටහන් වූ අතර අද (13) වන විට සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය 29.5%ක් දක්වා අඩු වී තිබෙනවා. මරණයට පත්වූ ප්‍රමාණය 0.18%ක් වූ ප්‍රමාණයකි.

දැනට ශ්‍රී ලංකාව තුළ සිදු කර ඇති සමස්ත පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය 636,586ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වාර්තා කරයි. මෙරට එක් දිනකදී සිදු කළ වැඩිම පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය වූ 11,999ක ප්‍රමාණය ඔක්තෝම්බර් මස 31 වැනි දින සිදු කර තිබෙනවා. ඊයේ (12) දිනයේ දී සිදු කර ඇති පිසීආර් පරීක්ෂණ ප්‍රමාණ්‍ය 9575කි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top