Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීම ලබන සතියේ සිට යළිත් ඇරඹේ

කොවිඞ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් මැදපෙරදිග සහ අනෙකුත් රටවල සිරවී සිටින ශී‍්‍ර ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල ලබන සතියේ සිට සැලසුම්සහගතව යළි ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙන බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඒ අනුව, මෙම මස 18 වෙනිදා සිට 26 වෙනිදා දක්වා කාල සීමාවේදී විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයින් 1000 කට ආසන්න පිරිසක් යළි මෙරටට ගෙන්වා ගැනීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

නොවැම්බර් 18 වෙනිදා එක්සත් අරාබි එමීර් රාජයේ වෙසෙන පුද්ගලයින් 290ක්, නොවැම්බර් 20 වෙනිදා ඉතාලියේ සිට පුද්ගලයින් 100 දෙනෙක්, නොවැම්බර් 21 වෙනිදා කටාර් සිට පුද්ගලයින් 297ක්, නොවැම්බර් 23 වෙනිදා කුවේට් හි සිට පුද්ගලයින් 297 දෙනෙකු සහ නොවැම්බර් 26 වෙනිදා ඕමාන් සිට පුද්ගලයින් 290 දෙනෙකු මෙරටට රැගෙන ඒමට සැලසුම් කොට ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කරයි.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top