පසුගිය දින කිහිපය තුළ දි දිවයිනේ විවිධ ප්‍රදේශයන්ගෙන් මහමඟ මිය ගොස් සිටි පුද්ගලයින් පිළිබඳව සමාජ මාධ්‍යයන් ඔස්සේ ඡායාරූප පළ විය. කෙසේ වෙතත්, මෙම පුද්ගලයින් කොවිඩ් – 19 වෛරසය ආසාදිතයින් ලෙසට තහවුරු නොකළ මරණ වුවත් එම ඡායාරූපයන් පළ වූයේ අදාළ පුද්ගලයින් මහමඟ මියගොස් සිටින්නේ කොවිඩ් වෛරසය හේතුවෙන් බවට සැක පළ කරමින් ය.
ඊයේ (12) දිනයේ දී පානදුර සහ මහනුවර ප්‍රදේශයන්හි මේ අයුරින් පුද්ගලයින් දෙදෙනෙකු මහමඟ මියගොස් සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයන් සමාජ ජාලා ඔස්සේ හුවමාරු විය. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර අදහස් පළ කළා.
ඔහු සඳහන් කළේ, මෙලෙස මහමඟ මියගොස් සිටි පුද්ගලයින්ගේ මරණ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන තෙක් ඒ පිළිබඳව පූර්ව නිගමනයන්ට එළඹිය නොහැකි බවයි. එලෙස මියගොස් ඇති පුද්ගලයින්ට වෙනත් රෝග පැවතිය හැකි බව ද ඔහු සඳහන් කළා.
