මෙතෙක් සිදු කර ඇති පිසීආර් පරීක්ෂණ ප්‍රතිඵල අනුව කොළඹ නගර සීමාවේ කොරෝනා ආසාදිතයින් 30,000ක් පමණ සිටිය හැකි බවට පුරෝකථනය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සඳහන් කරයි.
තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් ප්‍රතිකාර සඳහා මැලිකමක් නොදක්වන ලෙස ද වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහජනතාවගෙන් ඉල්ලා සිටියි. එමෙන්ම, වෛරසය ආසාදිත පුද්ගලයින් සම්බන්ධයෙන් සෙසු මහජනතාව දක්වන ආකල්ප ද වෙනස් විය යුතු බවයි වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සඳහන් කළේ.
මේ අතර අද (13) උදෑසන කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඔක්තෝබර් මස 4 වන දින සිට මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 4,640ක් වාර්තා වී ඇති බවයි. එමෙන්ම, බ්‍රැන්ඩික්ස් – පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් ගණන බස්නාහිර පළාත තුළ අද වන විට 10,045ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් වාර්තා වේ.
