වසර හතරක් වැනි කෙටි කාලයක් තුළ පළාත් පාලන මැතිවරණය, ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය යන මැතිවරණ තුනම ජයගත හැකි වන පරිදි දැවැන්තම දේශපාලන පක්ෂය නිර්මාණය කළ බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට ප්‍රවේශ වීම අත්‍යාවශ්‍ය බව සඳහන් කරමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජීවය දුන්නේත්, ගමේ ශාඛා සමිතියේ සිට පක්ෂයේ ඉහළම ස්ථානය දක්වා සියලුම කටයුතු සංවිධානය කළ බැසිල් රාජපක්ෂගෙන් තොර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණක් පිළිබඳව සිතීමට පවා හැකියාවක් නොමැති බවත් එම ලිපියෙහි දැක්වේ.
ඒ අනුව, රටේ ආර්ථික සංවර්ධනය උදෙසාත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සක්‍රීය දායකත්වය රටට ලබා දීම සඳහාත් බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට ප්රවේශවීම අත්‍යවශ්‍ය බව තමන් විශ්වාස කරන බව එම මන්ත්‍රීවරුන් පෙනවා දෙයි. එබැවින් ඉතා ඉක්මණින් එම ප්‍රවේශය ලබා ගන්නා ලෙස මන්ත්‍රීවරුන් ඉල්ලා තිබෙනවා.
එම ලිපියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සම්පත් අතුකෝරාල, ප්‍රදීප් උඳුගොඩ, කාදර් මස්තාන්, උපුල් ගලප්පත්ති, අශෝක ප්‍රියන්ත, සංජීව එදිරිමාන්න, සහන් ප්‍රදීප්, අකිල එල්ලාවල, නාලක කෝට්ටෙගොඩ, අමරකීර්ති අතුකෝරාල, වසන්ත යාපා බණ්ඩාර, ඩබ්.ඩී. වීරසිංහ, එච්. නන්දසේන, කුමාරසිරි රත්නායක, සුදර්ශන දෙනිපිටිය, රාජිකා වික්‍රමසිංහ, නිපුණ රණවක, කපිල අතුකෝරල සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් ද අත්සන්කොට තිබෙනවා.
