කොරෝනා වෛරසය ආසාදිතව මිය ගිය පුද්ගලයින්ගේ දේහයන් භුමදානය සම්බන්ධයෙන් විද්‍යාත්මකව කරුණු පැහැදිලි කරමින් ඒ සඳහා එකඟ විය නොහැකි බව අවධාරණය කළ මහාචාර්ය මෙත්තිකා විතානගේට එරෙහිව ඇගේ චරිතයට හානි වන පරිද්දෙන් මඩ ව්‍යාපාරයක් දියත් වන බවට වාර්තා වේ.
භුමදානය ශ්‍රී ලංකාවට නොගැළපන්නේ ශ්‍රී ලංකා භුමියේ භුගත ජල මට්ටම බොහෝ ප්‍රදේශයන්හි නොගැඹුරු මට්ටමක පවතින් බවත් විද්‍යාත්මකව කරුණු පැහැදිලි කරමින් ඇය ඉදිරිපත් කළ අදහස් පිළිබඳව බොහෝ දෙනාගේ අවධානයට ලක් විය. එසේම මේ වන විට දිවයින පුරාම වැසි සහිත කාලයක් පවතින බවත් ඇය පැහැදිලි කළා. එබැවින් නොදන්නා වෛරසයක් සම්බන්ධයෙන් මිය ගිය පුද්ගලයෙක් නිසා ජීවත්වන පුද්ගලයින්ගේ ජීවිත අවදානමට ලක් නොවිය යුතු බවයි ඇය පෙන්වා දුන්නේ.
කෙසේ වෙතත්, ඇගේ මතය සම්බන්ධයෙන් මේ වන විට ආගමික අන්තවාදින් හා මූලධර්මවාදින් උරණ වී ඇති බවක් පෙනී යයි. එමෙන්ම, පුවත්පත් යොදාගෙන ඇය පළ කළ මුල් අදහසට වෙනස් අදහසක් ගම්‍ය වන ආකාරයේ පුවත් පළ කරන්නටත්, පසුව ඇය සම්බන්ධයෙන් පුද්ගලිික මට්ටමට ගොස් සමාජ මාධ්‍ය යොදා ගනිමින් චරිත ඝාතනයක් කිරීමටත් එම පිරිස් උත්සාහ ගනිමින් සිටින බව සමාජ ජාල නිරීක්ෂණයේ දී පෙනී යයි.
සම්බන්ධිත පුවත්
- ‘ජීවත්වෙලා ඉන්න අය අවදානමට ලක් වෙන්න ඕන නැහැ මිය ගිය කෙනෙක් හින්දා’ – මහාචාර්ය මෙත්තිකා විතානගේ
- “භූමදානයට තැනක් හොයන්න ජනපති උපදෙස් දීලා”, රජය එවැනි තීරණයක් ගෙන නෑ – වෛද්‍ය ජයරුවන් කියයි
