Advertise with Giraya
NEWS

කොළඹ බන්ධනාගාර නිලධාරීන්ට සති දෙකක් නිල නිවාසවල රැඳී සිටින්නැයි දැනුම් දීමක්

වැලිකඩ, කොළඹ රීමාන්ඩ් සහ මැගසින් බන්ධනාගාරවල නිලධාරීන්ට සති දෙකක කාලයක් සිය නිල නිවාසවල රැඳි සිටින ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා. ඒ අනුව, ඔවුන්ට බන්ධනාගාරයෙන් පිටතට යාම අවස්ථාව හිමි නොවන බව වාර්තා වේ.

මේ වන විට, බන්ධනාගාර ආශ්‍රිතව ආසාදිතයින් 159 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් තිදෙනෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලෙස ඊයේ (12) පස්වරුවේ හඳුනා ගැනුණා.

කෙසේ වෙතත්, මින් ඉදිරියට වාර්තා වන කොරෝනා ආසාදිත රැඳවියන් කන්දකාඩු හෝ ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට පියවර ගෙන තිබෙනවා.

Giraya News Alerts

මේ අතර, ඊයේ (12) බෝගම්බර පැරණි බන්ධානාගාරයේ වහලය මත නැගී විරෝධතාවයේ නිරත වූ රැඳවියන් වෙනත් බන්ධනාගාර දෙකකට මරුකර යැවීමට ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. එමෙන්ම, බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සඳහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top