ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන අද (12) පස්වරු 09.30 වන විට 15,723ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ, තවත් නව ආසාදිතයින් 92 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි. ඒ අනුව, අද (12) දිනය තුළ වාර්තා වූ ආසාදිතයින් ගණන 369 දක්වා ඉහළ යනු ඇත.
අද දිනය තුළ වාර්තා වූ ආසාදිතයින් සියල්ලම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ. ඒ අනුව, බ්‍රැන්ඩික්ස් – පෑලියගොඩ පොකුරෙන් වාර්තා වූ ආසාදිතයින් ගණන 12,227ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම, අද (12) පෙරවරු 10.00 වන විට ආසාදිතයින් 470 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා. ඒ අනුව, වාර්තා වූ ආසාදිතයින්ගෙන් 10,653 දෙනෙකු සුවය ලබා ඇත.
තවද, අද (12) දිනය තුළ දී කොවිඩ් – 19 මරණ දෙකක් වාර්තා විය. ඒ අනුව, ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 48ක් දක්වා ඉහළ ගියේය. දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 5022ක් වේ.
