ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා මරණ ගණන 48 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ කොවිඩ් -19 ආසාදිතයින් වශයෙන් හඳුනා ගැනීමෙන් පසු මුල්ලේරියාව මූලික රෝහලේ දී ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් දෙදෙනෙකු එම රෝහලේ දී මියගොස් ඇති බවට තහවුරු වීමත් සමඟයි.
ඒ අනුව, 47 වන කොවිඩ් – 19 මරණය ලෙස වාර්තා වන්නේ කොළඹ 12 පදිංචි 54 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. මරණයට හේතුව වශයෙන් දක්වා ඇත්තේ නිධන්ගත පෙනහලු රෝගය සමඟ කොවිඩ් 19 ආසාදනය වීමයි.
48 වන කොරෝනා මරණය ලෙස වාර්තා වන්නේ මීගොඩ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. මරණයට හේතුව වශයෙන් දක්වා ඇත්තේ කොවිඩ් – 19 නියුමෝනියාව සමඟ ද්විතීයික බැක්ටීරියා ආසාදනය වේ.
ඒ අනුව, ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් – 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 48ක් වන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන තහවුරු කරයි.
