Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාව නිරීක්ෂණයට ඩ්‍රෝන යානාවන් යොදා ගනියි

හුදකලා කර ඇති ප්‍රදේශවල නිරෝධායන නීති කඩකරමින් හැසිරෙන පිරිස ඩ්‍රෝන තාක්ෂණය මඟින් නිරීක්ෂණය කර ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි.

අද (12) සවස සිට එම කාර්ය ආරම්භ වන බව ද, එම හුදකලා කර ඇති කාලය අවසන්වන තුරු නිරන්තරයෙන් පුද්ගලයින්ගේ සංචරණ කටයුතු නිරීක්ෂණයට ලක්කරන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ ය.

මේ පිළිබඳ විස්තර කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා,

Giraya News Alerts

“එම ඩ්‍රෝන කැමරා මඟින් ලබා දෙන දත්ත අනුව ඉදිරියේ දී පියවර ගැනීමට කටයුතු කරනවා. විශේෂ මෙහෙයුම් කණ්ඩායම් කිහිපයක් මේ සඳහා සුදානම් කරලා තිබෙනවා. එම දත්තයන් ලැබුණ විගසම අදාළ ස්ථානවලට ගොස් එම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවා. ඒ අනුව හුදකලා කරන ලද ප්‍රදේශවල ජනතාව තම නිවෙස තුළම රැඳී සිටින්න ඕනේ කිසිදු ආකාරයක සංචරණයක් වෙන්න බෑ. සාමුහික එකතුවීම්, ඒ වගේම ක්‍රීඩා කිරීම් පරිශ්‍රයන් තුළ වුවත් නොකළ යුතුයි නිරෝධායන නීතින් අනුව.”

එමෙන්ම, හුදෙකලා කොට ඇති ප්‍රදේශයක සිටින යම් කිසි පුද්ගලයෙකුට හදිසි රෝගී තත්ත්වයක් ඇතිවුවහොත් පහත සඳහන් දුරකථන අංකය ඔස්සේ ගිලන් රථ සහය ලබා ගැනීමට හැකියාව පවතින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය අජිත් රෝහණ ප්‍රකාශ කර සිටියේ ය.

ඒ අනුව ගිලන් රථ සහය ලබා ගැනීමට හැකි දුරකථන අංකය වන්නේ 0113- 422558.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top